Friday, September 5, 2014

ළෙන්ගතු ඇසුර පිළිකා රෝගියකුට දිව්‍ය ඖෂධයක්


හරක් මස්, ඌරු මස්, එළු මස් බැදලා-පුච්චලා කෑවොත් බඩවැලේ පිළිකා

පිළිකාවක් යනු කුමක්ද?

මිනිස් සිරුර නිර්මාණය වී තිබෙන්නේ සෛල වලින්. එම සෛල බෙදීමෙන් එසේ නැතිනම් පිටපත් වීමෙනුයි ශරීරය වර්ධනය වෙන්නේ. එසේ සෛල බෙදීමක් සිදුවන්නේ ශරීරයේ සහ අපගේ මනසේ බලපෑමට යටත්වයි.
සෛල බෙදීමේ ක්රියාවලියට කිසියම් බාහිර හෝ අභ්යන්තර බලපෑමක් එල්ල වුවොත් එය අපේ ශරීරයට හඳුනාගත නොහැකි වෙනවා. එහි ප්රතිඵලය වන්නේ එම සෛල බෙදීම එම සෛල වලට අවශ් ආකාරයට සිදුවීමයි. තවත් විදියකින් කීවොත් අපගේ ශරීරයේ පාලනයෙන් තොරව අසාමාන් ආකාරයට එම සෛල වර්ධනය වීමයි.
ශරීරය තුළ එසේ ඇතිවන විකෘති සෛල බෙදීම් ගැටිති, ගෙඩි, පළු, ලප ලෙස ශරීරයේ විවිධ ස්ථානවල පෙන්නුම් කරනවා. ඒවායින් සියයට 5 ක් පමණ පිළිකා විය හැකියි. අනෙකුත් ඒවායින් වෙන් කොට හඳුනාගත හැකියි.
පිළිකා සෛලවල ප්රධානම ලක්ෂණය වන්නේ ශරීරයේ විවිධ අවයව වලට, ඉන්ද්රියයන්ට පැතිරීමේ හැකියාව තිබීමයි. උදාහරණයක් ලෙස පියයුරක ඇතිවන පිළිකාවක්, පෙනහලුවලට, පපුවේ අස්ථිවලට, මොළයට පැතිරීමේ හැකියාව තිබෙනවා.

එසේ පිළිකා ඇතිවීමට හේතුව කුමක්ද?
අද මුළු ලෝකයේම පිළිකා ඇතිවීමේ ප්රවණතාව වැඩි වුණත්, පිළිකා ඇතිවීමට බලපාන හේතු තවමත් විද්යාත්මකව සොයාගෙන නෑ. අප සෑම දෙනාගේ ශරීරවල පිළිකා සෛල තිබෙනවා. මානසික ශක්තිය හොඳ නම්, හොඳ පිරිසුදු වස විසෙන් තොර ආහාර පාන ගන්නේ නම්, ශරීරයේ ප්රතිශක්ති කරන හැකියාව හොඳ නම්, එම පිළිකා සෛල ඉස්මතු වන්නේ නෑ. ශරීරයේ ප්රතිශක්තිකරණ හැකියාව දුර්වල වී මානසික මට්ටම බිඳ වැටුණු විට පිළිකා සෛල මතු වෙනවා.

පිළිකා සුවපත් කළ හැකි ?
තමන්ට පිළිකාවක් ඇතැයි කියා දැනගත් පසුව බොහෝ දෙනෙකු හැසිරෙන්නේ මරණ සහතිකය අතට ලැබුණු ආකාරයෙන්. අතීතයේදී එය එසේ වුවත් අද එසේ සිතිය යුතු නෑ. ඉතා නවීන ප්රතිකාර මගින් බොහෝ පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකියි. ඇතැම් පිළිකා ඉතාම සාර්ථකව මැඩපවත්වා ගනිමින් සාර්ථකව ජීවිතය ගත කිරීමේ හැකියාවත් තිබෙනවා.
පිළිකා හට ගැනීමට මූලික වන හේතු අතර අපට වළක්වා ගත හැකි හේතූන් වළක්වා ගත නොහැකි හේතූන් තිබෙනවා.

එහෙම වළක්වා ගත නොහැකි හේතු මොනවාද?
වයසට යාම එක හේතුවක්. අප ඉපදී කලක් ගතවන තෙක් ශරීරයේ ගොඩනැඟීමේ ක්රියාවලියක් සිදුවෙනවා සේම කලක් ගත වූවිට අපගේ ශරීරයේ සෛලවල බිඳ වැටීමේ ක්රියාවලියකුත් සිදුවෙනවා. එම ක්රියාවලියේ දී පිළිකා සෛල වර්ධනය වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
පිළිකාවක් ඇතිවීමට බලපාන වළක්වාගත නොහැකි තවත් හේතුවක් වන්නේ ජානමය බලපෑමකි. ඇතැම් පිළිකා ඇතිවීමට ඍජුවම ජානමය බලපෑම හේතු වී ඇති බව පැහැදිලිවම හෙළි වී තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන්ට හටගන්නා පියයුරු පිළිකා සඳහා ජානමය බලපෑමක් තිබෙනවා. කිසියම් කාන්තාවකගේ මවට හෝ සහෝදරියකට පියයුරු පිළිකාවක් ඇත්නම්, පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.
පිළිකා ඇතිවීමට බලපාන වළක්වා ගත නොහැකි මීළඟ හේතුව වන්නේ ස්ත්රී පුරුෂ භාවයයි.
උදාහරණයක් ලෙස පියයුරු පිළිකා වැඩි වශයෙන් ඇතිවන්නේ ස්ත්රීන්ටයි. එසේම ගර්භාෂ පිළිකා ගැබ් ගෙළ පිළිකා මෙන් ඩිම්බකෝෂ පිළිකා කාන්තාවන්ට පමණක් ඇතිවන පිළිකා.
එසේ පුරස්ථ ග්රන්ථියේ ඇතිවන පිළිකා පිරිමින්ට පමණක් ඇතිවන පිළිකාවන්. සමස්ත පිළිකා අතරින් වළක්වාගත නොහැකි ආකාරයේ පිළිකා තිබෙන්නේ සියයට එකක් හෝ දෙකක් පමණයි. අනුව සියයට 98 ක් 99 ක් වළක්වා ගත හැකි ආකාරයේ පිළිකා බව පැහැදිලි වෙනවා.

වළක්වාගත හැකි ආකාරයේ පිළිකා මොනවාද?
පිළිකා සෑදීමට 30% - 35% අතර බලපාන්නේ අප ගන්නා ආහාර බව පර්යේෂණ මගින් හෙළිවී තිබෙනවා. ලෝකයේ විශේෂයෙන් පිළිකා කාරක විය හැකි ආහාර ද්රව් 10 ක් පිළිබඳව දක්වා තිබෙනවා.
ඉන් පළමු වැන්න වන්නේ බදින ලද හෝ පුච්චන ලද රතු පැහැ මස්. මෙහිදී හරකුන් එළුවන්, ඌරන්, බැටළුවන් වැනි ක්ෂීරපායි සතුන්ගේ මස් විශේෂයි. එම මස් බදින විට හෝ පුච්චන විට නයිට්රජන් ඇමීන් නම් රසායන ද්රව් පිටවෙනවා. ආමාශයේ සහ අන්ත්රවල පිළිකා ඇතිවීමට මෙම රසායනිකය බෙහෙවින් හේතු වන බව හෙළි වී තිබෙනවා.
බදින ලද පුච්චන ලද රතු මස් නිතර බුදින බටහිර රටවල මෙම පිළිකා ඉතාම වැඩියි. එසේ ගැඹුරු තෙලේ බදින ලද රෝල්ස් කටලට් වැනි ක්ෂණික ආහාර නිතර නිතර ගැනීම පිළිකා සෑදීමට කිසියම් බලපෑමක් කරන බව තහවුරු වී තිබෙනවා.
අපේ රටේ පැවති ආහාර රටාව ශීඝ්රයෙන් වෙනස් වීම පිළිකා බහුල වීමට ප්රධාන වශයෙන් හේතු වුණා. විශේෂයෙන් අපේ පැරැන්නන් ගේ සෑම ආහාර වේලකම මැල්ලුමක් තිබුණා. එසේ විස රසායනික වලින් තොර වූ එළවළු කීපයක් තිබුණා. අතීතයේදී සෑම ගෙවත්තකම එළවළු පැළ කීපයක් හෝ සිටුවා තිබුණා. අද බොහෝ දෙනෙකුට ගෙවතු ඇත්තේ නෑ. නිසා කරපිංචා කොළ ටික පවා ගන්නේ වෙළෙඳ පොළෙන්.
වෙළෙඳ පොළේ තිබෙන සියලු එළවළු වල කෘෂි රසායනික බහුලයි. පිළිකා ඇතිවීමට එම කෘෂි රසායනික ද්රව් ඉතාම ප්රබල හේතුවක්.
අප අතර තිබෙන වැරදි පුරුදු පිළිකා හට ගැනීමට ප්රබල හේතුවක්. දුම්වැටි ඉරීම ඉන් ප්රධානයි. පිරිමින් අතර වැඩි වශයෙන් දැකගත හැකිවන්නේ තොල් සහ මුඛය ආශ්රිත පිළිකා. අප රටේ පිරිමින්ගෙන් 34% ක් පමණ දුම්වැටි උරනවා. දුම්කොළ සපයනවා. කාන්තාවන් අතර මේ ප්රතිශතය 2% ක් පමණ.
පිරිමින් අතර මුඛ පිළිකා, පෙණහලු පිළිකා වැනි පිළිකා බොහොමයකට දුම් වැටි ඉරීම සහ දුම් කොළ සැපීම හේතුවෙනවා. දුම් වැටියක ශරීරයට අහිතක් විස රසායන ද්රව් 400 ක් පමණ අඩංගුයි. ඒවායින් 40 - 60% ප්රමාණය අනිවාර්යෙන් පිළිකා කාරකයි.
ස්වරාලයේ පිළිකා ඇතිවීමට දුම්පානය ඉතා ප්රබල ලෙස දායක වෙනවා. සක්රිය දුම් පානය නිසා ඇතිවන පිළිකා. එසේ අක්රිය දුම්පානය නිසා පිළිකා සෑදීමේ හැකියාව වැඩියි. නිවසක පියා දුම් වැටි උරයි නම් එය නිවසේ දරුවන් තුළ පිළිකා ඇති කිරීමට හේතුවක්. එසේ කිසියම් පුද්ගලයෙක් කාමරයක දුම්වැටියක් ඉරූ විට එම කාමරයේ ඇති කාපට්වල දොර ජනෙල් ඇතිරිලිවල සිගරට් දුමේ ඇති විෂ රසායන ද්රව් තැවැරෙනවා; මැඳෙනවා. එසේ තැවරුණු බිස රසායන ද්රව් මාස 6 ක් පමණ එම ඇතිරිලිවල කාපට්වල පවතිනවා. කුඩා දරුවන් මෙම ඇඳ ඇතිරිලි අත ගාන විට බිම ඇති කාපට්වල බඩගාගෙන යන විට එම විෂ රසායන ද්රව් එම දරුවාගේ ශරීරයේ තැවරෙනවා; දරුවාගේ ශරීරගත වෙනවා. එවැනි කාරණා අද දරුවන් අතර පිළිකා බහුල වීමට හේතු සාධක වී තිබෙනවා. ගර්භණී මවක් අසල දුම් වැටියක් ඉරූ විට එම සිගරට් දුමේ ඇති විෂ රසායන කුස තුළ සිටින දරුවාට ඍජුවම බලපානවා.
ශ්රී ලංකාව තුළ මුඛ පිළිකා බහුලවීමට හේතු වී ඇති කරුණු අතර බුලත් විට කෑම වෙනවා. මුඛ පිළිකා නිසා වැඩිම පිරිසක් මිය යන රටවල් අතර තුන් වැනි ස්ථානය හිමිවන්නේ අපේ රටට බුලත් විටේ ඇති දුම්කොළ සපන විට එහි ඇතුළත් විස රසායන ද්රව් 28 ක් ශරීර ගත වෙනවා. එසේ පුවක් වල මාරාන්තික පිළිකා කාරක ද්රව් 4 ක් අඩංගුයි. බුලත් විටේ ඇති හුණු කෑවිට දුම් කොළ සහ පුවක් වල ඇති විෂ රසායන ශරීරයට අවශෝෂණය වීමට කදිම පසුබිමක් සකසා දෙනවා.
එසේ අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා පිළිකා ඇති වෙනවා. ඩ්භථචද නචනඪතධථච මඪපභඵ නම් වෛරසය කාන්තාවන්ගේ ගැබ් ගෙල පිළිකා සඳහා හේතු වෙනවා. එසේ පරිසර දූෂණය පිළිකා ඇති වීමට බලපාන තවත් සාධකයක්. මානසික ආතතිය නිසා පිළිකා මතු වීමට ඉඩ තිබෙන බව තහවුරු වී තිබෙනවා. මෙයින් අදහස්වන්නේ මානසික ආතතිය නිසා පිළිකා හටගන්නා බව නෙමෙයි. මානසික ආතතියෙන් පෙළෙන විට කෑම ගැනීමට නිදා ගැනීමට හැකි වන්නේ නෑ. එවිට ශරීරයේ ප්රතිශක්ති කරන හැකියාව අඩු වෙනවා. එවිට පිළිකා ඇතිවීමේ හැකියාව තිබෙනවා.


පිළිකා බෝවිය හැකි ?
නැහැ. පිළිකා බෝවන්නේ නෑ.

පිළිකාවක් කලින් හඳුනාගන්නේ කොහොමද?
බොහෝ පිළිකා කලින් හඳුනා ගැනීමට සාධක කිසිවක් ඇත්තේ නෑ. මුඛ පිළිකා අන්ත්රවල පිළිකා කලින් හඳුනාගත නොහැකියි. එහෙත් පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මාස් ශුද්ධිය ඇතිවන දිනවලදී කාන්තාවන්ගේ පියයුරු රිදීම සාමාන් දෙයක්. එහෙත් එසේ නොවන අවස්ථාවක පියයුරු රිදීම පියයුරු පිළිකාවක ලක්ෂණයක් විය හැකියි. ස්වයං පියයුරු පරීක්ෂාව පිළිබඳව අද බොහෝ කාන්තාවන් දැනුවත්. එසේ පරීක්ෂා කිරීමේදී කිසියම් ගැටිත්තක් අතට හසුවන යමක් ඇත්නම්, පිළිබඳව සොයා බැලිය යුතුයි. එසේම පියයුරකින් කිරි නොවන කුමන හෝ ශ්රාවයක් පිටවන්නේ නම්, වහාම වෛද් උපදෙස් පැතිය යුතුයි.
අන්ත්රවල පිළිකා ඇති වු විට ගුද මාර්ගයෙන් අසාමාන් ලෙස රුධිර වහනයක් සිදුවීමට ඉඩ තිබෙනවා. එලෙස ගුද මාර්ගයෙන් රුධිරය පිටවන්නේ අර්ශස් රෝගය නිසා දැයි පළමුව සොයා බැලිය යුතුයි. එසේ නොවේ නම් වහාම වෛද් උපදෙස් පැතිය යුතුයි. යමෙකුගේ මුඛයේ සුදු පැහැති ලපයක් සමඟ දැවිල්ලක ස්වභාවයක් ඇත්නම්, එය මුඛ පිළිකාවක ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. ශරිරයේ ඕනෑම ගැටිත්තක් අසාමාන් ලෙස වර්ධනය වීම, උපන් ලපයක් වැනි දෙයක් පැහැය වෙනස්වී කඩතොලුවීම පිළිකාවක ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. එසේ සුව නොවන තුවාලයක් කලක් තිස්සේ පවතී නම් එය පිළිකාවක් දැයි සොයා බැලිය යුතුයි.
පිරිමියකුට මුත්රා පිට කිරිමේ අපහසුවක් තිබීම, දිනකට වැඩි වාර ගණනක් මුත්රා පිට කිරීමට අවශ්යවීම, පුරස්ථ ග්රන්ථියේ පිළිකාවක ලක්ෂණ විය හැකි . ඇතැම් පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීමට ක්රම කීපයක්.
මීට අමතරව කිසියම් සැකයක් ඇතොත් ඉතා සුළු වියදමකින් කළ හැකි රුධිර පරීක්ෂාවන් කීපයක් මගින් පිළිකාවක් හඳුනාගත හැකි වෙනවා.

මැමෝග්රෑම් පරීක්ෂාව කෙතරම් වැදගත් ?
මැමෝග්රෑම් පරීක්ෂාවක් මඟින් පියයුරු පිළිකා කලින් හඳුනාගත හැකි යි. කලින් හඳුනා ගතහොත් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකියි. එබැවින් එම පරීක්ෂණය කාන්තාවන්ට ඉතාම වැදගත්. කිසියම් කාන්තාවකගේ මවට හෝ සහෝදරියකට පියයුරු පිළිකාවක් තිබුණේ නම්, වයස අවුරුදු 40 ඉක්මවූ පසුව සෑම වසරකට වරක් මැමෝ ග්රෑම් පරීක්ෂාව සිදුකර ගැනීම ඉතා වැදගත්.
එයින් පියයුරු පිළිකාවක් නිසා ජීවිතය අවදානමකට ලක්වීම වැළකෙනවා පමණක් නොව රජයටත් විශාල මුදලක් ඉතිරිවෙනවා. ඇතැම් පියයුරු පිළිකා සම්පූර්ණයෙන් සුව කිරීමට රුපියල් මිලියන 9 - 10 අතර ප්රමාණයක් වියදම් වූ අවස්ථා තිබෙනවා.
පියයුරු පිළිකා ගර්භාෂ ගත පිළිකා වැනි පිළිකා මෙන් තවත් බොහොමයක් පිළිකා කලින් හඳුනාගත හොත් සියයට සියයක් සුව කිරීමේ හැකියාව අද තිබෙනවා. එහෙත් ඇතැම් පිළිකා වර්ග සම්පුර්ණයෙන් සුව කිරීමේ හැකියාව තවමත් ලැබී නෑ. නමුත් වර්තමානයේදී භාවිතා වන අති නවීන ප්රතිකාර ක්රම මගින් පිළිකාව වර්ධනය නොවී දිගු කලක් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනවා.

පිළිකා රෝගයෙන් සුවයක් ලැබීමට හොඳ මානසික මට්ටමක් තිබීම කෙතරම් වැදගත් ?
හොඳ මානසික සෞඛ්යයක් තිබීම පිළිකාව ජය ගැනීමට බෙහෙවින්ම උදව් වෙනවා. උගත්, බුද්ධිමත් ඕනෑම කෙනෙක් තමාට පිළිකාවක් යැයි දැනගත් විට විශාල මානසික පසුබෑමකට මුහුණ දෙනවා. බොහෝ දෙනෙක් සිතන්නේ දැන් ජීවිතය ඉවරයි කියායි. ඇයි මට මෙහෙම දෙයක් වුණේ කියායි.
මට මෙහෙම දෙයක් වෙන්න බැරි ? කියා කවුරුවත් සිතන්නේ නෑ. පිළිකාවක් කියා දැනගත් විට ජීවිතය ඉවරයි කියා සිතීම ඉතා වැරැදි සහගත හැඟීමක්. මෙයට හේතු වන්නේ සමාජයේ සිටින බොහෝ දෙනෙකු පිළිකා පිළිබඳව නිසි අවබෝධයෙන් දැනුමෙන් තොර වීමයි. වර්තමානය වන විට බොහෝ පිළිකා නිට්ටාවටම සුව කළ හැකි බව නොදැනීමයි.
මෙහිදී විශේෂ යමක් සඳහන් කළ යුතුයි. ; මානසිකව ඇද වැටුණු කෙනෙක් ශාරීරිකව සුවපත් කිරීම පහසු කටයුත්තක් නොවන බවයි. නිසා මානසිකව ශක්තිමත් වීමට රෝගියා උත්සාහ කළ යුතුයි. ඥාතීන් රෝගියාට සඳහා උදව් කළ යුතුයි.
තමාට හෝ තම පවුලේ කෙනෙකුට කිසියම් පිළිකාවක් ඇතැයි හඳුනාගත් විට බොහෝ දෙනෙකු කරන්නේ එක් වෛද්යවරයකුගෙන් තවත් වෛද්යවරයකු වෙත යාමයි. ඉන් පසුව තවත් වෛද්යවරුන් වෙත යාමයි. පිළිකාවක් තමන්ට හෝ තම ඥාතියාට නැතැයි කියා ඔප්පු කරගැනීමට උත්සාහ දැරීම වෛද්යවරුන් ගණනාවක් වෙත යාමට හේතුවයි.
මෙහි ප්රතිඵලයක් ලෙස පිළිකා රෝගීන් තුළ අවසානයේ ඉතිරි වන්නේ බොහෝ ප්රසිද්ධ වෛද්යවරුන් වෙත ගොස් ලබාගත් වෛද් වාර්තා කීපයකුත්, ජනපිරය වෛද් රසායනාගාර වෙත ගොස් ලබාගත් වෛද් වාර්තා මිටියකුත්, ඔඩු දුවන ලද පිළිකාවකුත් බිඳුණු සිතකුත් පමණයි.
එසේම මොවුන් ආර්ථික වශයෙන් විශාල වශයෙන් පරිහානියට පත් වෙනවා. කළ යුතු වන්නේ පිළිකාවක් බව හඳුනාගත් විට වෛද් උපදෙස් අනුව අවශ් කටයුතු සිදු කිරීමයි. මනස ශක්තිමත්ව තබාගෙන වෛද් ප්රතිකාර නියම අයුරින් සිදු කිරීමෙන් බොහෝ පිළිකාවන් සියයට සීයක්ම සුවකළ හැකි බව අද හෙළි වී තිබෙනවා.
බටහිර රටවල වර්තමානයේ දී පිළිකා රෝග සුව කිරීමට රෝගීන්ගේ මානසික ශක්තිය ඉහළ නැංවීමට විශේෂ ක්රම යොදා ගන්නවා. එහිදී පවුලේ උදවියට විශේෂ වගකීමක් තිබෙනවා.

පිළිකා රෝගීන් සම්බන්ධව පවුලේ සහ සමාජයේ වගකීම කුමක් ?
පිළිකා රෝගියකුට පවුලේ උදවියට සහ ඥාතීන්ට විශාල වශයෙන් උදව් කළ හැකියි. කිසි විටෙකත් පිළිකා රෝගියා කොන් නොකළ යුතුයි. තම ඥාතියකු වන පිළිකා රෝගියකු රෝහලක සිටීනම් එම රෝගියාව බැලීමට හැකි විටෙක රෝහලට යාම වැදගත්. එය රෝගියාගේ මානසික මට්ටම ඉහළ යාමට බොහෝ උදව් වනු නොඅනුමානයි.
මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප්රතිකාර ගන්නා ඇතැම් අය බැලීමට මාසයකට සැරයක්වත් කවුරුන් හෝ එන්නේ නෑ. නිසා ඔවුන් ඉන්නේ ඉතා කනගාටුවෙන්; දුර්වල මානසික තත්ත්වයක. අසල ඇඳේ රෝගියා බැලීමට නිවසෙන් පිරිසක් පැමිණි විට තමාව බැලීමට කවුරුන් හෝ නැති විට එම රෝගියාට දැනෙන්නේ කෙබඳු අසරණ හැඟීමක් ? එය අප තේරුම් ගත යුතුයි. මේ තත්ත්වය පිළිකා රෝගය උත්සන්න වීමට හේතුවක් වීමට ඉඩ තිබෙනවා.
මහරගම පිළිකා රෝහලේ එවැනි රෝගීන් සමඟ සුහදව විනාඩියක් හෝ කතා කළ හැකිනම්, එය එම රෝගියාගේ මානසික මට්ටම ඉහළ යාමට හේතුවක් වනු නොඅනුමානයි.

තමාට හෝ තම ඥාතියකුට පිළිකාවක් ඇත්නම් එය වසන් කළ යුතු ?
අද සමාජයේ බොහෝ පිරිසක් තමාට හෝ තම ඥාතියකුට පිළිකාවක් ඇත්නම් එය වසන් කිරීමට උත්සාහ දරනවා. එය වැරැදි අදහසක්. තම මවට පියාට හෝ ඥාතියකුට පිළිකාවක් ඇත්නම් එය පහදා දී එය සුවපත් කර ගැනීමට සියලු දෙනා ක්රියා කිරීම වැදගත්. පිළිකාවක් ඇති බව දැනගත් පසුව එයට ප්රතිකාර කර සුවපත් කිරීම දක්වා වූ ක්රියාවලිය හඳුන්වන්නේ ඛ්චදජඥප බ්ධභපදඥර යනුවෙන්. උදාහරණයක් ලෙස මහරගමින් පිටකොටුවට යාමට බසයකට ගොඩවන පුද්ගලයකු නුගේගොඩ, කිරුළපන, තුම්මුල්ල, ඇස් වාට්ටුව හන්දිය පසුකර පිටකොටුවට ළඟා වෙනවා. ඇතැම් විටෙක එම පුද්ගලයා කිරුළපනින් හෝ තුම්මුල්ලෙන් බැසීමට ඉඩ තිබෙනවා. පිළිකා රෝගයට ප්රතිකාර කිරීමත් වාගෙයි. පිළිකා රෝගය හඳුනාගත් විට විවිධ ප්රතිකාර ක්රම මඟින් එයට ප්රතිකාර කර රෝගය සුවපත් කිරීමට වෛද්යවරු උත්සාහ දරනවා. වර්තමානයේ දී බොහෝ විට එම ප්රතිකාර සාර්ථක වී රෝගියා සුවපත් වෙනවා. නැතිනම් රෝගය සාර්ථකව පාලනය කරගෙන ඉදිරි ජීවිත කාලය සුව පහසුවෙන් ගෙවනවා. එසේම ඉතා සුළු පිරිසක් ප්රතිකාර කරන අතරතුරදී මියයාමට ඉඩ තිබෙනවා.

පිළිකාවට කරන සෑම ප්රතිකාරයකදීම හිසකෙස් යනවා ?
එය ඉතාම වැරැදි මතයක්. පිළිකාව සඳහා කරන සෑම ප්රතිකාරයකදීම හිසකෙස් යන්නේ නෑ. ප්රතිකාර කීපයකදී පමණක් හිසකෙස් යනවා. නිසා හිසකෙස් යනවාට බියේ ප්රතිකාර නොගෙන සිටීම වැරැදියි. ප්රතිකාරවලදී හිසකෙස් වැටුණ එය ලජ්ජාවට කරුණක් ලෙස සිතීම අනුවණකමක්. එසේ වැටෙන හිසකෙස් ඉතාම ඉක්මනින් නැවත වැවෙනවා. සමාජය තමා දෙස බලන්නේ කෙසේදැයි යන්න නොසිතා තමා පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුයි.
ඉතාම නවීන ප්රතිකාර ක්රම අද භාවිතා වෙනවා. ක්රම මඟින් බොහෝ පිළිකා ඉතාම සාර්ථකව සුවපත් කළ හැකි බව ඔප්පු වී තිබෙනවා. ශල්යකර්ම, පිළිකා දූලක ප්රතිකාර, විකිරණ ප්රතිකාර, හෝමෝන ප්රතිකාර මේ අතර වෙනවා. පිළිකාවක් බව දැනගත් විට වඩාත්ම වැදගත් වන්නේ නිවැරැදි වෛද්යවරයා හමුවී හැකි ඉක්මනින් ප්රතිකාර ආරම්භ කිරීමයි.

කරන්ට් එක අල්ලනවා යැයි කියන්නේ කුමක් ?
විකිරණ මඟින් ප්රතිකාර කිරීම බොහෝ දෙනෙක් හඳුන්වන්නේ කරන්ට් අල්ලනවා යන නමින්. එහෙත් මෙහිදී විදුලියකට රෝගියාව සම්බන්ධ කිරීමක් සිදුවන්නේ නැහැ. මෙයට බිය විය යුතු නෑ. මෙය ඉතාම සාර්ථක ප්රතිකාර ක්රමයක්.

මඤ්ඤොක්කා, ගැට පොළොස්, කටුපිල, කටු අනෝදා පිළිකාවට ගුණදායක ?
සමාජයේ මතයක් තිබෙනවා ඒවා පිළිකාවට ගුණදායකයි කියා. එහි කිසියම් සත්යතාවයක් තිබෙනවා. නමුත් වෛද් විද්යාත්මකව බව තවමත් ඔප්පු කර නැහැ. ඉපැරැණි ආයුර්වේද වෛද් ක්රමයට අනුව ඉහත සඳහන් ද්රව්යවල පිළිකා නාශක ගුණයක් තිබෙන බව පිළිගැනෙනවා. එම ආහාරවල පිළිකා සෛල නාශක ගුණයකුත් ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණයකුත් තිබෙන බව සත්යයක්.
ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය වීමෙන් පිළිකා සෛල සමඟ සටන් කිරීමට ශරීරයට හැකියාව ලැබෙනවා. පිළිකාවට ප්රතිකාර කිරීමේ දී වෛද්යවරුන් නිර්දේශ කරන මූලික ප්රතිකාර නොකඩවා කරමින් වෙනත් ක්රම අනුගමනය කිරීමේ වරදක් ඇත්තේ නෑ (ගාමිණි සුසන්ත).

මහරගම ජාතික පිළිකායතනයේ
වෛද් සමාධි විශ්වනාත් රාජපක්ෂ
සභාපති පිළිකා සරණ සංගමය
Published on Silumina news paper on 03-03-2013


No comments:

Post a Comment